Extracted from / උපුටාගැනීම

“Vanished Trails: The Last of the Veddas” – Written by Richard Spittel

Eight years had passed. Sickness and misadventure had reduced the Vedda clan to barely a dozen individuals. Poromola, second son of Neela, was now a sturdy lad of fifteen. He was the constant companion of Gombira, his brother-in-law, who was twice his age, and a splendid hunter. Always on the trails together, Gombira taught Poromola all the jungle craft he knew. To become as accomplished as his mentor was the boy’s sole desire. It was a grand day for Poromola when under Gombira’s guidance he climbed down a cane ladder and for the first time took from the face of a precipice a bambara comb-a fine achievement for one so young.

වසර අටක් ගතවිය. රෝගපීඩා සහ දුර්භාග්‍යය නිසා වැදි ගෝත‍්‍රය දුසිමක් තරම් වූ පිරිසකට සීමාවිය. නීලාගේ දෙවන පුත‍්‍රයා වන පොරමොලා දැන් අවුරුදු 15ක හැඩිදැඩි ගැටවරයෙකි. මොහු දඩයම්කිරීමේ අතිදක්‍ෂයකු වූත් වයසින් දෙගුණයක් වැඩිමහල් වූත් තම මස්සිනා වන ගෝඹිරාගේ නිත්‍ය සහායකයා ය. සැමවිටම එකම මග යමින් ගෝඹිරා තමන් දැන සිටි වනාන්තරයට අදාල සියලූ ශාස්ත‍්‍රයන් පොරමොලාට ඉගැන්වීය. තම මග පෙන්වන්නාගේ තරමට ම ප‍්‍රවීණයකු වීම මොහුගේ එකම අභිප‍්‍රාය විය. ගෝඹිරාගේ මගපෙන්වීම යටතේ දඬු ඉනිමගක ආධාරයෙන් ප‍්‍රථමවරට පර්වත ප‍්‍රපාතයක පිහිටි බඹර වදයක් කඩාගැනීම ගැටවරයකු වූ මොහුගේ හොඳම ජයග‍්‍රහණය විය. එය පොරමොලාගේ දිවියේ ජයග‍්‍රාහී දිනයකි.

But Poromola was marked out for other duties as well. His father, the kapurale, had chosen him as his successor. Into the esoteric mysteries of that calling he had to serve a long and rigorous apprenticeship, as the boy increasingly realized from that first day when Neela led him up to the isolated ledge that was to be his place of instruction, and initiated him with the solemn invocation to the Yaku.

නමුත් පොරමොලාට ඉටුකිරීමට තවත් රාජකාරී පැවරිණි. ඔහුගේ පියා වන කපුරාළ තමන්ගේ මීලග උරුමක්කාරයා ලෙස ඔහුව තෝරාගෙන ඇත. ආධුනිකයකු වශයෙන් බරපතල ලෙස දීර්ඝකාලීනව කළයුතු අභිරහස් ගුප්තවිද්‍යාත්මක දේවල් පිළිබඳ මොහුට වැටහීමක් ඇතිවීමට පටන්ගත්තේ පළමු දිනයේ දී ම නීලා විසින් මොහු හුදෙකලා වූ පර්වත මුදුනට රැුගෙනගොස් ආරම්භ කරන ලද සංවේගාත්මක යකූ(යක්‍ෂ) කන්නලව්ව නිසාය.

“Ayubowa ! May your life be long. From today I am rearing a scholar of the mind. Take no offence, I pray. I but unfold to my pupil how to give offerings to you!”

“ආයුබෝවේවා! අද දින සිට මම මගේ මනසින් දකින අතවැසියාව ගොඩනගනවා. උදහස් නොවනු. මම යදිනවා ඔබට පුදපූජා පවත්වන විදිහ මගේ ශිෂ්‍යාට ක‍්‍රම ක‍්‍රමයෙන් උගන්වන බවට.”

The novitiate was exacting. During all that period both teacher and pupil, as the kapurale before any ceremony, had scrupulously to avoid evenmtouching those food taboos, pig or fowl. Sambhur or monitor lizard was the only permissible flesh.

ආධුනික කාලය වෙහෙසකර විය. ගුරු ගෝලයන් ලෙස සිටි මේ කාලය පුරාවට කපුරාළ විසින් සෑම යාගයකට ම පෙර පූජා කරන ආහාර, ඌරන් හා කුකුළන් මොහුට අකැප විය. මුව හා තළගොයි මස්වලට පමණක් අවසරය හිමිවිය.

Poromola was an apt pupil, and in the course of time imbibed all the knowledge imparted to him. But as long as his father lived he was not permitted to perform ceremonies by himself, though he might occasionally assist in them and become possessed of the Yaku.

කාලයත් සමග ඔහුට ලබාදුන් සියලූ දැනුම ප‍්‍රත්‍යක්‍ෂ කිරීම නිසා පොරමොලා යෝග්‍ය ශිෂ්‍යයෙක් විය. යක්‍ෂාරූඩයෙන් ඇතැම්විට ඔහු එම කටයුතුවලට උදව් කළත් ඔහුගේ පියා ජීවතුන් අතර සිටින තෙක් තනියම යාගයන් කිරීමට ඔහුට අවසරයක් නොවීය.

Translated by – KWD Sandun Sirikumara
https://www.facebook.com/setranslator
TP : 0755825908
ssirikumara@gmail.com

Leave a Feedback

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.