යටත්විජිත කාලය තුලදී ඉංගී‍්‍රසීන් විසින් අප ලක්දිව පුරාවට ඉංගී‍්‍රසි බස පතුරවන්නේ,

  • ඔවුන්ගේ පාලන බලය රටනුල ස්ථාපනය කිරීම පහසු කරවීමටත්,
  • සන්නිවේදනය සඳහා තිබූ බාධක ඉවත් කිරීමටත්,
  • ඔවුන්ගේ විදිහට සිතන, ඔවුන්ට හිස නමන පිරිසක් ඇතිකිරීමටත් ය.

ඉංගී‍්‍රසීන් විසින් ඉංගී‍්‍රසි භාෂාව යොදාගෙන ජාතීන් දෙපිරිස අතර තිබූ සන්නිවේදන බාධකය බිඳ දැමීමට සිතුවේ අපට ලෝකය පිළිබඳව දැනුම ලබාදීමටවත්, අපව ලෝකය වෙත පිළිගැනීමටවත් නොව, අපේ දේ ලෝකයට ගෙනයාමට යි.

රටතුල ජීවත් වූ පාවාදෙන මිනිස් කොට්ඨාශයත්, රැුවටීමට ලක්වූ කොට්ඨාශයත්, විවිධ ලාභ අරමුණු කරගත් කොට්ඨාශයත් නිසා ඉංගී‍්‍රසීන්ගේ වෑයම සාර්ථක විය.

අපට ඉංගී‍්‍රසි භාෂාව කියන්නේ මහා ලොකු දෙයක් නේද?

නූතන ශී‍්‍ර ලාංකිකයා ඉංගී‍්‍රසි භාෂාව දකින්නේ එය අප විතරක් ඉගෙනගන්නා, අපට විතරක් හැකියාව තිබෙන දෙයක් විදිහටයි. නමුත් මෙය ලෝකයේ බොහෝදෙනා කතා කරන, ඉගෙනගන්නා තවත් එක් භාෂාවක් පමණයි සිතා ඉගෙනගන්නේ කීයෙන් කීදෙනා ද?

අද සමාජය තුල තමන් උසස් යැයි පිළිගන්නා ධනවත් හෝ ධනවත් බව පෙන්වන සමාජය ඉංගී‍්‍රසි භාෂාව යොදාගන්නේ,

  • තමන් වංශවත් බව හැ`ගවීමටත්,
  • තමන් උගත් හා බුද්ධිමත් බව පෙන්වීමටත්,
  • තමන් පිරිසිදු හා වටින කෙනෙක් බව පෙන්වීමටත් ය.

නූතනය වනවිට ශී‍්‍ර ලංකාවේ සෑම ක්ෂේස්ත‍්‍රයකම ඉංගී‍්‍රසි භාෂාව දක්නට ලැබෙන අතර එමගින් ලෝකයට දොරටු විවරවීම මහත් වූ වාසියක් නමුදු ඒ තුල අපේ වටිනාකම් හෑල්ලූවට ලක්කිරීම, අමතක කිරීම හෝ විකිණීම අප ජාතිය තුල තිබෙන පහත් වූ ගතිලක්‍ෂණයක් විනා අමුතුවෙන් ඉගැන්වූවක් නොවේ. එය හරියට කාමරයක් කුලියට ඉල්ලූ මිනිසාට මුලූ නිවසම සින්නක්කරයට ලබාදෙනවා වගේ දෙයකි.

මදක් සිතන්න අප භාෂාවක් විදිහට නිවැරදිව ඉංගී‍්‍රසි බස අල්ලාගත්තේ නම් අප මීට වඩා දුරගමනක් ගොසින්ය. එසේනම් අපට ඉංගී‍්‍රසි අසීරු, අරුම පුදුම මැජික් එකක් නොවනු ඇත.

අප නිවැරදිව ඉංගී‍්‍රසි භාෂාවක් ලෙස පමණක් ඇල්ලූවේනම් අපට,

  • ලෝකය හා තර`ගකාරීව ගැටෙන, ලෝක දැනුමෙන් සමන්විත පරපුරක් උරුමය.
  • ලාංකීය දැනුම ලෝක දැනුම හා මුසුකොට විශාල දියුණුවක් උරුමය.
  • ලංකාවේ සෑම ක්ෂේස්ත‍්‍රයක්ම මීට වඩා දැනුමෙන් සමන්විතවන අතර ඒ තුල අපේම අනන්‍යතාවයක් උරුමය.
  • පරිවර්තනය කියන දේ සැමටම පොදු හැකියාවක් වන අතර ඒ තුල අප රට දැනුමෙහි කේන්ද්‍රස්ථානයක් වනු ඇත.
  • අපේ දේවල් අපට අහිමි නොවී බලසම්පන්න රටක් ලෙස ගොඩනැගෙන්නට තිබුණි.

KWD Sandun Sirikumara

Leave a Feedback

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.