රෝමන් ඔසිපෝවිච් ජැකෝබ්සන් / Roman Osipovich Jakobson

භාෂාවේ ව්‍යුහාත්මක විශ්ලේෂණයෙහි පුරෝගාමියෙකි, වාග් වේදියෙකි, භාෂා පරිවර්තකයෙකි.

ඇනා වොල්ෆර්ට් ජැකොබ්සන් සහ ඔසිප් ජැකොබ්සන් යන මව්පියන් දාව වර්ෂ 1896 ඔක්තෝම්බර් මස 11 වන දින රුසියාවේ මොස්කව් හී දී මොහු උපත ලැබුවේය. වර්ෂ 1920 දී මොස්කව් නගරය අතහැර ප‍්‍රාග් නගරය (ප‍්‍රාග් නගරය යනු යුරෝපයේ චෙක් ජනරජය සතු විශාල නගරයකි) වෙත පැමිණි මොහු විසින් වර්ෂ 1928 දී මොහුගේ ප‍්‍රාග් පාසලෙහි කණ්ඩායම සමග භාෂාවක් තුල තිබෙන කුඩාම ඒකකය වන ශබ්ද අනුව වචන එකිනෙක වෙන්කර ගන්නා ආකාරය පිළිබඳව කල්පිතයක් ගොඩනැගූහ.

උපතින් රුසියානු ජාතිකයෙකු වුවත් මොහු ඇමරිකානු වාග් වේදියෙකු වන අතර ස්ලාවික් භාෂා විශාරදයෙකි. (ස්ලාවික් භාෂා යනු ඉන්ඩෝ-යුරෝපීය පුරාණ භාෂා පවුලට අයත් භාෂාවන් එකතුවකි) චෙක් ජනරජයෙහි මසරිකෝවා විශ්වවිද්‍යාලයෙන් තම ගමන්මග ආරම්භ කළ මොහු වර්ෂ 1934 දී රුසියානු වාග්විද්‍යා මහාචාර්ය වරයෙකු ලෙසත් වර්ෂ 1937 දී මධ්‍යකාලීන චෙක් සාහිත්‍යයෙහි මහාචාර්ය වරයෙකු ලෙසත් කටයුතු කළේය. ස්වීඩනයෙහි කෝපන්හේගන්, ඔස්ලෝ සහ උප්සලා යන විශ්වවිද්‍යාල තුල බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස ද කටයුතු කළ මොහු වර්ෂ 1941 දී නිව්යෝක් නගරයට පැමිණීමත් සමග කොලොම්බියා විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය වරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදාවිය. (1943 සිට 1949 දක්වා) ඉන්පසුව හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ස්ලාවික් භාෂා හා සාහිත්‍ය මහාචාර්ය වරයෙකු ලෙසත් සාමාන්‍ය වාග් විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙකු ලෙසත් කටයුතු කරන ලදී. (1949 සිට 1967 දක්වා)

භාෂාවක ශබ්ද රටාවන් පිළිබඳව සහ භාෂාවක මූලධර්ම පිළිබඳව මොහු විසින් ගැඹුරින් අධ්‍යනය කරමින් එය විශ්ලේෂණය කිරීමෙහිලා පුරෝගාමියෙකු වූහ. තවද භාෂා පරිවර්තනයෙහි වර්ගීකරණයන් හඳුන්වාදෙමින් භාෂා පරිවර්තන ක්ෂේස්ත‍්‍රයට ද නව මුහුණුවරක් එකතු කළේය. වර්ෂ 1979 දී මොහු විසින් ලින්ඩා ආර්. වෝ සමග ඉදිරිපත් කළ භාෂාවක ශබ්දයන්හී සොබාවය පිළිබඳ න්‍යාය ප‍්‍රකාශයට පත්විය.

එක්සත් ජනපදයේ සහ කැනඩාවෙහි මානව ශාස්ත‍්‍රය පිළිබඳව ගූගන්හයිම් අධිශිෂ්‍යත්වයෙන් පිදුම් ලබන මොහු තම දිවියේ 85 වන වියට පා තබමින් වර්ෂ 1982 ජුලි මස 18 වන දින මැසචුසෙට්ස්හි(ඇමරිකාවේ ප‍්‍රාන්තයකි) බොස්ටන් නගරයේ දී මෙලොවින් සමුගත්හ.

KWD Sandun Sirikumara

Leave a Feedback

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.