පද්‍ය 130කින් සමන්විත තුන්සරණ කාව්‍යාවලිය බොද්ධ කාගෙත් සිත්තුල දහම් සංවේගය ඇතිකරන්නකි. සෙංකඩගල රාජධානි සමයේ තාඹුගල පෙදෙසෙහි විසූ ලෝකුරු නයිදේ නම් පුද්ගලයා විසින් අඳුරු සිරකුටියේ සිට කරන ලද කාව්‍ය නිර්මාණයක් ලෙස සැලකෙනමුත් කතෘගේ නම සෘජුවම කෘතිය තුළ සඳහන් නොවේ. තම කය සිරකර තැබුවද බුද්ධ දර්ශනයේ උතුම් ගුණ හමුවේ තම සිත සිරකර තැබිය නොහැකි බව කවියා ප‍්‍රකටකර ඇති අතර එදා බුදුන් සමයෙහි සිරගත කෙරුණු බිම්බිසාර රජුන් ද මෙලෙසම සිරකුටිය තුලදී තෙරුවන් ගුණ සිහිකර ඇත.

Thunsaranaya, is a poetry consists of 130 poems, which develops steady piousness inside the minds of Buddhists. It was known that this was written by Lokuru Naide who was imprisoned & lived during the period of Kandy kingdom, but the details about the author was not directly mentioned in the poetry. The poet showed that although his physical figure was imprisoned, his mind couldn`t be imprisoned because of the boundless virtue of Buddhist philosophy. This reminds us that the King Bimbisara who lived in the period of the Lord Buddha also evoked the boundless virtue of the Triple Gem while he was being imprisoned.

තුනුරුවන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාවක් ඇතිකිරීමට තරම් සිත ගැඹුරටම කාවදින ලෙස රචනා වී ඇති මෙම තුන්සරණය සිරිපා වන්දනා කරන බැතිමතුන් විසින් ගායනා කිරීම සුලභ දසුනකි. මේ සසර ගමන තුල කිනම් ආකාරයේ උපතක් ලැබුවද එය දුකක් බවත්, ඒ තුලින් උපදින දුක මැඩගෙන ඉදිරියට යාමට හැකිවන්නේ බුද්ධ දර්ශනය තුලින් බවත් මෙම කවිවලින් ගම්‍ය වේ. එමෙන් ම අතීත බෞද්ධයින් තුනුරුවන් කෙරෙහි දැක්වූ අසීමිත ශ‍්‍රද්ධාවත්, ගෞරවයත් කෙතරම්ද යන්න පිළිබඳව මෙම කවි එකින් එක කියවද්දී මනාව පැහැදිලි වෙයි.

It`s a common sight that the Thunsaranaya is frequently recited by the pilgrims who are going to worship Sri pada. This was written in such a way which develops a steady & boundless virtue about the Triple Gem.  It is a sorrowful thing to have any kind of birth in the journey of sasara.  So this has been implied that we will be able to go forward by suppressing this sorrowfulness according to the teachings of Buddhist philosophy. Boundless virtue as well as the respect towards noble teachings developed by olden Buddhists can be clearly revealed by reading the poems one by one.

KWD Sandun Sirikumara

Leave a Feedback

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.